T R E N D I N G

Advertistment

LIKE US ON FACEBOOK

Loading...

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමගම පසුගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබේ. ඉන් බහුතරය ශ‍්‍රී.ල.නි.ප. සාමාජිකයෝ වෙති.

ගණනය කළ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව මන්ත්‍රීවරම් අහිමිවූ හිටපු මැති ඇමතිවරුන් අතර, මාතර දිස්ත්‍රික්කයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජය දහනායක, හේමාල් ගුණසේකර, කළුතර දිස්ත්‍රික්කයේ  මහින්ද සමරසිංහ,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත් මාතලේ දිස්ත්‍රික්කයේ නන්දිමිත්‍ර ඒකනායක, රෝහණ දිසානායක,ගාල්ල දිස්ත්‍රික්කයේ පියසේන ගමගේ, ගුණරත්න වීරකෝන්, මොනරාගල දිස්ත්‍රික්කයේ විජිත් විජියමුණි සොයිසා හා ජගත් පුෂ්පකුමාර සහ මහනුවර දිස්ත්‍රික්කයේ එස්.බී. දිසානායක යන මහත්වරු වෙති.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ චන්ද්‍රසිරි සූරියආරච්චි, ජයසිංහ බණ්ඩාර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරූපමා රාජපක්ෂ, වී.කේ. ඉන්දික, බදුල්ල දිස්ත්‍රික්කයේ  උදිත් ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රෝහණ පුෂ්පකුමාර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සී.බී. රත්නායක, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සරත් වීරසේකර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩබ්.බී. ඒකනායක, තිස්ස කරල්ලියද්ද යන හිටපු මන්ත්‍රීවරුන්ටද මෙවර තම මන්ත්‍රී අසුන අහිමි වී තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  එම්.එස්. නාවුෆිත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ෆීලික්ස් පෙරේරා, රුවන් රණතුංග, සරත් කුමාර ගුණරත්න, උපේක්ෂා ස්වර්ණමාලි, කෑගල්ල දිස්ත්‍රික්කයේ ලලිත් දිසානායක, වයි.ජී. පද්මසිරි, අතාවුද සෙනෙවිරත්න සහ පුත්තලම දිස්ත්‍රික්කයේ නියොමාල් පෙරේරා, දයාශ්‍රිත තිසේරාද වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ගීතාංජන ගුණවර්ධන, තිලංග සුමතිපාල යන අයට මන්ත්‍රි අසුන් හිමිව නොමැත.

එසේම සන්ධානයේ අපෙක්ෂකත්වය නොලැබූ සජින් වාස් ගුණවර්ධන, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන, දුමින්ද සිල්වා යන අයද පසුගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළේය.



TELE DRAMA

M i s c e l l a n e o u s

Advertistment

Gossip Lanka Stats

Loading...