එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා තරග කර ජයගත් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සන්ධානයට ඡන්දය දුන් සියලූම ඡන්ද දායකයින්ටත්, වෙහෙසුනු පාක්ෂිකයන්ටත් ස්තූතිය පළකර ඇති ඔහු දේශපාලනයේ දිගටම නිරත වන බවත්, පාර්ලිමේන්තුවේ අසුන්ගන්නා බවත් ඉන් දැනුම් දෙනවා.
එම නිවේදනය පහතින් දැක්වෙනවා.
2015 පාර්ලිමේන්තු මැතිවරණය
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මධ්‍යයේ ලැබූ මෙම ප්‍රතිඵලය මම නිහතමානීව පිළිගනිමි.
මෙම මැතිවරණයේදී අප සන්ධානයට ඡන්දය දුන් සියලූම ආදරණීය ඡන්ද දායකයින්ටත්ල ඡන්ද ව්‍යාපාරයේ දිවා රෑ නොබලා වෙහෙසුනු අපේ පාකෂිකයන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.
මේ ලැබූ ජනවරමට අනුකූලව මම දේශපාලනයේ දිගටම නිරත වන බවත්ල පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මා මෙතෙක් රට ජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශකර සිටීමට කැමැත්තෙමි.
මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති